DIVISIONAL SECRETARY (acting)

   Name :-  Mr. Anuradha Jayakodi
 Qualifications         
:-  
 Work History :-        
 

ASSISTANT DIVISIONAL SECRETARY


 Name         
:-  Mrs. M.L.I.P.Lekamge 
 Qualifications :-  Bachelor of Art (BA) Peradeniya
 Work History :- 1993 - 1997 - Survey Department - Colombo (As a Cleark)
1997 - 2001 - District Survey office - Ratnapura (As a Cleark)
2001 - 2003 - Balangoda Divisional Secretariat (As a PMAS)
2008/07/23 - 2019/08/22 - Imbulpe Divisional Secretariat (As a AO)
    2019/08/23 - 2025/09/30 - Balangoda Divisional Secretariat (As a AO)
    2025/12/18 - Up to date - Balangoda Divisional Secretariat 

ACCOUNTANT

 Name          
:-  Miss.E.G.A.C.Hemapala                                    
 Qualifications  
:-  Bachelor of Business Administration (BBA)
     Associate Member - The Institue of Charterd Accountants of Sri Lanka
 Work History :-   2019/07/01 - up to date - Balangoda Divisional Secretariat

ASSITANT DIRECTOR (PLANNING)

   Name :-  Ms. N.W.D.E.N.Nikalanda                       
 Qualifications   
:-
 
 Work History :-
 

ADMINISTRATIVE OFFICER

 Name :- Vacant
 Qualifications   
:-  
 Work History :-

ADMINISTRATIVE GRAMA NILADHARI

   Name :-  Sugath K. Jayaweera
 Qualifications    
:-
 Work History :-
     
     

ADDITIONAL DISTRICT REGISTRA

   Name :-  Mrs. I. L. Gamage                                                                   
 Qualifications     
:-
 Work History :-  
     
     

Our Vision

To be the excellent government institution that helps the life styles of the community in a beneficial way to the society.

Our Mission

To provide a service in line with the government policies, uplift the life styles of the society through a planned, efficient development process consisting of proper co-ordination of resources and participation of the people.
 

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ප්‍රවේශ වීම

කොළඹ සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 160 ක් පැමිණි විට ද බදුල්ල සිට කොළඹ මාර්ගයේ කි.මී. 54 ක් පැමිණ හා කතරගම - කල්තොට සිට බලංගොඩ මාර්ගයේ කිලෝ මීටර් 203 ක් පැමිණි විට ද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ප්‍රවේශ විය හැකිය. රත්නපුර නගරයේ සිට බදුල්ල දිසාවට කිලෝමිටර් 48 ක දුරින් බලංගොඩ නගරය පිහිටා ඇත.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම

ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් පිහිටි රත්නපුර දිස්ත්‍රික්කයේ උතුරු සිමාවට අයත් අන්තර් දේශගුණික කලාපයට බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය අයත් වේ. උතුරු අක්ෂාංශ 6.23540 – 693060 අතර ද නැගෙනහිර දේශාංශ 80.17720 – 80.95460 අතරද පිහිටා ඇති මෙහි මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝ මිටර් 181.5 කි. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුළු භුමි ප්‍රමාණයෙන් මෙය 8.3% කි. ගම්මාන 254 කින් සමන්විත ග්‍රාම නිලධාරි වසම් 41 ක් කොට්ඨාශයට අයත් වේ. උතුරු දෙසට වළවේ ගඟින් මායිම් වු ඉඹුල්පේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශය ද දකුණු දෙසට ඕපනායක සහ වැලිගෙපොල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයන් ද නැගෙනහිර දෙසට තන්ජන්තැන්න, කූරගල, මොලමුර හා දියවින්න යන කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්  ග්‍රාම නිලධාරි වසම්  පිහිටා ඇත.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ භූ විෂමතාවය

බලංගොඩ කොට්ඨාශයේ භු විෂමතාවය සැලකිල්ලට ගැනීමේ දී එය උස් කඳුකරයට මායිම් වි ඇති මධ්‍යම කඳුකරයේ දකුණු වේදිකාව වේ. මුහුදු මට්ටමින් අඩි 3000 කට වැඩි උසකින් යුත් පෙදෙස් ද අඩි 1000 - 3000 ත් අතර මධ්‍යම සානු වලින් ද අඩි 1000 ට ඩු පහත් තැනිතලාවෙන් ද යුක්ත ප්‍රධාන භුමි ප්‍රදේශ තුනක් හඳුනා ගත හැකිය. මුළු භුමි ප්‍රමාණයෙන් 75% ක් අයත් වන්නේ අඩි 1000 - 3000 ත් අතර ප්‍රදේශයට ය. මේ අනුව මෙම කොට්ඨාශයේ බටහිර දෙසට උස් කඳුකරයේ සිට නැගෙනහිර දක්වා ක්‍රමයෙන් බැවුම් වන ආකාරයට පිහිටි බිම් තිරුවක් ලෙස දැක්විය හැකිය.

කොට්ඨාශයේ උතුරු සිමාව හා නැගෙනහිර සිමාව සලකුණු කරමින් බැස යන වළවේ ගඟ කොට්ඨාශයේ ප්‍රධාන ජල මූලාශ්‍රගත ගංගාවයි. වළවේ ගඟ ඉහළ දී ප්‍රධාන අතු ගංගාවක් වන දොරවෙල ඔය මුලාරම්භය වන්නේ රක්ෂිත කඳුකරයක් වන මස්සැන්න ප්‍රදේශයෙනි. දිවයිනේ තවත් ප්‍රධාන ගංගාවක් වන කළු ගඟට අතු ගංගාවක් ලෙස එකතු වන වේ  ගඟේ මුලාරම්භය ද බලංගොඩ මාවෙල වෙළගේ කදු වැටියයි.

මධ්‍යම කඳුකරයේ දක්ෂිණ කොටසක් ලෙස පිහිටා ඇති බලංගොඩ සානුව හෙවත් මහවලතැන්න සානුව ශ්‍රී ලංකාවේ දෙවැනි අඩතැනි කලාපයට අයත් වේ. එසේම දෙවන හා තුන් වන අඩතැනි කලාපවලට අයත් ප්‍රසිද්ධ හෝටන් තැන්න වෙන් වී ඇත්තේ හපුතලේ මොහොර මගිනි. බලංගොඩ ප්‍රදේශයේ මෙම සුවිශේෂ ලක්ෂණය හල්දුම්මුල්ල බෙරගල කඳු මුදුන සිට බලන්නෙකුට පැහැදිලිව දැක ගත හැකිය.

මෙම ප්‍රදේශය මැණික් කර්මාන්තය අතින් ද ප්‍රසිද්ධ වීමට ඉහත ප්‍රපාතාකාර භූමි ලක්ෂණ ප්‍රධාන වශයෙන් හේතු සාධක වී ඇත.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේශගුණය

නිරිතදිග තෙත් කලාපයේ පිහිටා ඇති මෙම ප්‍රදේශයේ භෞතික පරිසරයේ බලපෑම නිසා අසාමාන්‍ය දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරයි.

කොට්ඨාශයේ වැඩි ප්‍රදේශයක් තුල වාර්ෂික උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් සෙල්සියස් අංශක 25 ක් පමණ ය. මධ්‍ය උෂ්ණත්වය ප්‍රදේශයේ විවිධත්වයෙන් යුතු අතර එය 20 0 C - 26 0 C අතර වේ.

භෞතික පරිසරයේ බලපෑම නිසා අසාමාන්‍ය දේශගුණික ලක්ෂණ කොට්ඨාසය පුරා පෙන්නුම් කරන හෙයින් ප්‍රාදේශිය වශයෙන් විවිධ කෘෂි උද්භිත කලාපවලින් ද සමන්විත වේ. ඒ අනුව තෙත් කලාප මැද කොටස, තෙත් කලාප උඩ කොටසට අන්තර් ගත වේ.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වර්ෂාපතනය

කොට්ඨාසයේ වැඩි කොටසකට නිරතදිග මෝසම් සුළං මගින් වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය භෞතික පිහිටිම අනුව මි.මි 1500 සිට 4600 දක්වා වේ. ප්‍රදේශයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000 - 2500 ත් අතර වේ. දකුණු ප්‍රදේශය වන විට මි.මී. 1500 - 2000 ත් අතර වේ‍. කොට්ඨාශයේ වයඹ දිසාවට අයත් බලංගොඩ රාස්සගල වලේබොඩ ප්‍රදේශයන්ට වඩා අඩු වර්ෂාපතනයක් මුල්ගම, රජවක යන ප්‍රදේශවලට ලැබේ. ඔක්තෝම්බර්, නොවැම්බර්, මාර්තු, අප්‍රේල් මාසවල දී අධික වර්ෂාපතනය ලැබෙන අතර වියළි තත්ත්වය ජුලි, අගෝස්තු මාසවල පවති.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජයිය හා සංස්කෘතික පසුබිම

ශ්‍රී ලංකාවේ ආදිතම මිනිසාගේ හා මිනිස් ඉතිහාසයේ ආරම්භයට සාක්ෂි ගෙනහැර පාන බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන ජන වර්ග ජනාවාස කොටගත් ප්‍රදේශයක් වේ. ප්‍රධාන වශයෙන් බුදුදහමින් පෝෂණය ලද ජීවන රටාවකට හැඩගැසුණු ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් ජීවත් වේ. යටත් විජිත පාලන සමයේ වැවිලි ආර්ථික රටාව සමඟ වතු ආශ්‍රිත ද්‍රවිඩ ප්‍රජාව ද ජනාවාස වීම දක්නට ලැබේ.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන පූජනීය ස්ථානය වන ශ්‍රී පාද ස්ථානය හා සමනළ අඩවිය කේන්ද්‍ර කොටගත් සමන් දිව්‍ය රාජයාණන් වහන්සේ දැඩි භක්තියකින් යුතුව සැලකීමත් ඒ අනුව ගැමියන්ගේ කටයුතු සංවිධානය වීමත් ප්‍රධාන සමාජීය ලක්ෂණයක් ලෙස ඉස්මතු වේ. ශ්‍රි පාද වන්දනා සමය හේතු කොටගෙන ඈත අතීතයේ නොයෙක් දෙසින් බැතිමතුන් බලංගොඩ පසුකර යන්නට ඇත. ඒහෙයින් බුද්ධ භක්තිය හා සමන් දේව භක්තිය ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වාම පවතින්නට ද ඇත. බලංගොඩ ප්‍රදේශයේ ජනයා තමන්ගේ ජන දිවියේ එදිනෙදා කටයුතු ඒ අනුව බාරහාර වී ආරම්භ කිරීමත් බාරහාර ඔප්පු කිරීමත් සිදු කරනු ලබයි. දෙවියන් උදෙසා මඩු ශාන්තිකර්ම පවත්වනු ලබන අතර එයින් පහන් මඩු, ගම් මඩු, දෙවොල් මඩු ප්‍රධාන වේ.  මෙම ප්‍රදේශයෙන් ලෝකුරු තාක්ෂණික ඉපැරණි උදුන් හා මෙවලම් සාදක හමු වීම මගින් ලෝකුරු ආශ්‍රිත උපක්‍රමික ජන දිවියක් තිබූ බවට ද කරුණු අණාවරණය වේ.කෘෂි ආර්ථිකය හා බැඳුණු සංස්කෘතික ලක්ෂණ ජන ජීවිතය හා බද්ධව පවත්න බවට මඩ හා ගොඩ ගොවිතැන්වල දී දෙවියන් වෙත බාර හාර වීම, කමත් භාෂා, ගොයම් කවි, නෙළුම් කවි මගින්ද සනාථ කර ගත හැකිය. රත්නපුර සිට කන්දඋඩරට සිංහලය දක්වා අතීතයේ දී ප්‍රවාහන මාධ්‍යක් ලෙස තවලම් යොදා ගෙන ඇති අතර ඒ ආශ්‍රිතව නිර්මාණය වූ කරත්ත කවිද එකල සමාජීය තත්ත්වය මනාවට ගෙන හැර පානුලබයි. තවද සාම්ප්‍රදායික පතල් කර්මාන්තය හා බැඳුණු ඇදහිලි, පුද පූජා, පතල් භාෂාව, පතල් කවි, ප්‍රස්ථා පිරුළු බලංගොඩ ප්‍රදේශයේ ජනතාවගේ ජන දිවිය වටා බැඳී පවතී.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම

දැනට සොයා ගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක අනුව පැරණිතම මිනිසා එනම් බලංගොඩ මානවයාගේ පාෂාණභූත ඇටසැකිලි සොයා ගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටදොඹ ලෙන හා බෙල්ලන්බැඳි පැලැස්ස වැනි ස්ථානවලිනි. ශ‍්‍රී ලංකාවේ මිනිසා පරිනාමය වූ ආකාරය පිළිබඳව කරුණු අදින් වසර ලක්ෂයකට පමණ පෙර අතීතයේ සිට සිදු වූ බවට බොහෝ සාක්ෂි රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමු වී ඇත. ලංකාවේ සිටි පැරණි මානව වර්ග ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ තොරතුරු සොයා බැලූ පී. ඊ. පී. දැරණියගල මහතා සහ තවත් බොහෝ පුරා විද්‍යාඥයින් පවසන පරිදි එකල ලංකාවේ මානව වර්ග දෙකක් සිටියහ.

එයින් හෝමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස් (HOMO SAPIENS BALANGODENSIS) බලංගොඩ සංස්කෘතික අවධිය සහ රත්නපුර සංස්කෘතික අවධිය ලෙස සංස්කෘතික අවධි දෙකකට වෙන් කිරීමක් සිදුකර ඇත. එම මානව වර්ගය පොදුවේ හඳුන්වන්නේ බලංගොඩ මානවයා ලෙසයි. බලංගොඩ ආසන්නයේ ඇති බෙල්ලන් බැඳි පැලැස්ස ගල්ලෙනෙන් හමු වූ අවුරුදු 16,000 ක් පමණ පැරණි මානවයකුගේ අස්ථි අනුව මෙම මානවයා ගැන තොරතුරු සොයා ගැනීමට හැකි විය.

මහාචාර්ය ශිරාන් දැරණියගල බලංගොඩ යන ගම්නාමය සැලකීමේ දී එකල සිරිපා කරුණා කිරීමට හා නොයෙකුත් වෙළඳාම් කටයුතුවලට පැමිණෙන ජනතාව කුඩා කඳු මුදුන් ප්‍රදේශයකට පැමිණ ඈත පෙදෙස බලා ගමන් මග නිශ්චය කර ගත් බවත් එම කාරණය මත “බලන් එගොඩ” ප්‍රදේශය වර්තමානයේ දී “බලංගොඩ” නමින් ප්‍රසිද්ධ වී ඇත.

මහනුවර යුගය වන විට  රත්නපුර දිස්ත්‍රික්කය ප්‍රධාන  කෝරළ හයකට බෙදා  ඇත. ඒවා නම් කුරුවිට, නවනදුන්, අටකලන්, කුකුළු, කඩවත්මැද හා කොළොන්න කෝරලය වේ. මෙයින් කඩවත්මැද (කඩවත) කෝරලය හා අටකලන් (ඇටවක්වල) කෝරලය බලංගොඩ ආශ්‍රිතව විහිදී ඇත.
අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර ගණයට වැටෙන අක්ෂරවලින් යුතු සෙල්ලිපි බෙලිගල රජ මහා විහාරස්ථානය දැක ගත හැකිය.

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය සැලකීමේදී ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පළමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි. දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.

ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය.  සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.

අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.

මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.

 ds

CARDER DETAILS (APROVED)  - As @ 30th November 2025

Designation Service Approved Excisting Vecant
 Divisional Secretary SLAS 01 01 00
 Assistant Divisional Secretary SLAS 01 01 00
 Assistant Director (Planning) SLPS 01 01 00
 Accountant SLAcS 01 01 00
 Administrative Officer PMAS Supra 01 00 01
 Administrative Grama Niladari  GN Supra
01 01 00
 Translator TS 01 00 01
 Aditional District Registar RegS 01 01 00
 Development Field Assistant AS -- 01 --
 Development Cordinator AS 01 01 00
 Development Officer (Old) AS -- 01 --
 Development Officer (Office)
DOS 20 44 00
 Development Officer (Development) DOS 41 41 --
 Technical Officer(*1 central government)(¡,¡¡,¡¡¡ training) SLTS 01 01 --
Management Services Officer MSO 25 28 --
 Grama Niladari GNS 41 41 00
 Information & Communication Technical Assistant SLICTS 01 00 01
 Technical Assistant Departmental 01 01 00
 Driver CDS 02 03 -01
 Office Employee OES 07 08 -01

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top